VT

VT
www.vistatech.vistapanel.net

Wednesday, October 7, 2015

Windows 10 වල Automatic Updates Disable කරන්නේ කොහොමද?

Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 Full Versions මේ වනවිට නිකුත් වෙලා තියෙනවා.මේ මෙහෙයුම් පද්ධතිය සම්බන්ධව නොයෙකුත් වැරදි අර්ථකතනයන්ද මේ වනවිට දක්නට ලැබෙනවා.Cracked Software/Cracked Games භාවිතා කල නොහැකි බව සහ Automatic Updates නැවැත්විය නොහැකි බව ඒ අතරින් ප්‍රධානයි.නමුත් මේ මතයන් දෙකම නිවැරදි නොවන බව මේ වනවිට කියන්න පුලුවන්.( Windows 10 Enterprise (Cracked) සහ Windows 10 Pro(Genuine Upgraded) සංස්කරණයන් දෙකක් යොදා ගනිමින් කල පරීක්ෂණයන් ඇසුරින් මේ බව සහතික කර ගතිමි.)

ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද Windows 10 Automatic Updates නවත්වන්නේ කියලා.අපට Genuine Windows Versions වලදී උවත් බොහෝවිට මෙය කිරීමට අවශ්‍යම වන්නේ අපට තිබෙන Internet Connections වල Data Unlimited නොවන නිසාමයි.

මුලින්ම පරිගණකයේ Run (Windows Key + R) ක්‍රියාත්මක කොට gpedit.msc ලෙස type කර OK කරන්න. ඉන්පසු Computer Configuration\Administrative Templates\Windows Components\Windows Update වෙත යන්න.



ඉන්පසු දකුණුපස තීරුවේ ඇති “Configure Automatic Updates” double-click කරන්න.පහත පරිදි එය “Disabled”යන්න ‍තෝරා Apply කොට OK කරන්න.(ඔබට අවශ්‍යනම් ‍තෝරාගත් Updates පමණක් Manually Install කිරීමට මෙය Enabled කර 2-Notify for download and notify for install යන්න ‍තෝරා Apply කර OK කරන්න.එවිට Updates Notifications වලින් පෙන්වන Updates අතරින් අවශ්‍ය ඒවා පමණක් Select කරගැනීමට හැකිය.Updates Disabled කරනවාට වඩා මේ ක්‍රමය හොඳ බව මාගේ පිලිගැනීමයි.) 



දැන් Search තුලින් Windows Update settings වෙත ගොස්  Windows Updates\Advanced Options වෙත ගිය පසු  “Some settings are managed by your organization”ලෙස පෙන්වාවි.



තවදුරටත් අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.තොරතුරු සහ රූප සටහන් උපුටා ගත්තෙ මේ වෙබ් අඩවියෙන්.ස්තූතියි මේ පැත්තෙ ආවට!

ප.ලි. ඕනෑම Microsoft Windows මෙහෙයුම් පද්ධතියක් ඇතුලත් පරිගණකයක Automatic Windows Update disable කිරීමට පහත ක්‍රමය අනුගමනය කල හැක.

Control Panel > Administrative Tools > Services > double click Windows Update & set 
startup type to disable
Click Stop in Service Status 
& then Click Apply & OK