VT

VT
www.vistatech.vistapanel.net

Monday, September 3, 2012

Audio CD එකක් පරිගණකයට Copy කරන්නෙ කොහොමද?

අද මම කියලා දෙන දේත් ගොඩක් අය දන්න දෙයක් උනත් නොදන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.Audio CD එකක් සාමාන්‍ය විදිහට පරිගණකයට Copy කරන්න බැහැ.එහෙම Copy කරොත් shortcut එකක් විදිහට Copy වෙන්නෙ.ඒකට හේතුව තමයි Audio CD එකක දත්ත Tracks  විදිහට ගබඩා වෙලා තිබීම.එහෙනම් අපි Audio CD Track එකක් Copy කරන විදිහ බලමු.

ඔයා වැඩ කරන්නෙ Windows XP වලින් නම් මේ විදිහට කරන්න.


මුලින්ම Audio CD එක CD Rom එකට දාලා Windows Media Player එක  Open කරන්න.

 ඉන් පසු Tools>Options ගිහින් Copy Music ටැබ් එක Open කරගන්න.Copy music to this location වලින් Audio CD Track කොපි වෙන ස්ථානය වෙනස් කරගන්න අවශ්‍ය නම් පුලුවන්.ඒ වගේම Copy settings>Format වලින් Audio CD Track Output Format එක වෙනස් කරගන්න පුලුවන්.(සාමාන්‍යයෙන් XP වල තියෙන්නෙ Windows Media Player 9 නිසා MP3 වගේ Format වලට Convert කරන්න ලබා දෙන්නෙ නැහැ.)

 ඉන් පසු Windows Media Player එකේ Copy From CD වෙතට යන්න.


එතන දැන් ඔයාගෙ Audio CD එකේ Track ටික පෙන්වයි.ඒකෙන් සියල්ලම හෝ අවශ්‍ය ප්‍රමානය තෝරාගෙන උඩින් ඇති Copy Music කියන බොත්තම ඔබන්න.ඔයා පළවෙනි වතාවට නම් Audio CD එකක් Windows Media Player එකෙන් කොපි කරන්නෙ මේ වගේ වින්ඩෝ එකක් එයි.


ඒක උඩ  විදිහට සකස් කරලා Next දෙන්න.ඉන්පසු එන වින්ඩෝ එකට Use Current Settings දෙන්න.

 ඔයා වැඩ කරන්නෙ Windows 7 වලින් නම් මේ විදිහට කරන්න.

 මුලින්ම Audio CD එක CD Rom එකට දාලා Windows Media Player එක  Open කරන්න.ඉන්පසු Rip Settings>More options ලෙස ගොස් Rip Music ටැබ් එකට යන්න.



මෙහිදී ද Rip music to this location වලින් Audio CD Track කොපි වෙන ස්ථානය වෙනස් කරගන්න අවශ්‍ය නම් පුලුවන්.ඒ වගේම Rip settings>Format වලින් Audio CD Track Output Format එක වෙනස් කරගන්න පුලුවන්.අවශ්‍ය ලෙස Settings වෙනස් කොට OK කරන්න.ඉන්පසු Windows Media Player ප්‍රධාන වින්ඩෝවේ ඇති Rip CD බොත්තම එබූ පසු Audio CD Track පරිගණකයට කොපි වේ.

ඔයාගෙ පරිගණකයේ Jet Audio ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඒකෙනුත් පහත විදිහට කරන්න පුලුවන්.Jet Audio නැත්නම් Free Version එක මෙතැනින් ගන්න.

ඉන්පසු Open Jet Audio>Rip 



මෙහි folder තුලින් Save වන ස්ථානය වෙනස් කරන්න පුලුවන්.Output format තුලින් Audio CD Track Output Format එක වෙනස් කරගන්න පුලුවන්.(ඔබට අවශ්‍ය MP3 නම් MP3-MPEG Layer 3ලෙස දෙන්න)ඉන්පසු උඩින් ඇති Start බොත්තම ඔබන්න.

තව දුරටත් අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.ස්තූතියි!

No comments:

Post a Comment

මෙය කියවන ඔබගේ අවංක අදහස මට තවත් දේවල් ලියන්න කරන දිරිගැන්වීමක්!