VT

VT
www.vistatech.vistapanel.net

Friday, October 12, 2012

ලේසියෙන්ම නොමිලේ Drivers ඩවුන්ලෝඩ් කරන විදිහක්


               Drivers කියලා කියන්නෙ VGA Card,Sound Card ආදී දෘඩාංග සහ Printers,Web Cam වැනි උපාංග නිසියාකාරව ඔබගේ මෙහෙයුම් පද්ධතිය සමග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෘදුකාංගයි.
              ඉතින් පරිගණකයක් Format කලාම අපි ලඟ  ඒකෙ Driver CD එක නැත්නම් අමාරුම වැඩේ තමයි Drivers හොයාගන්න එක.අපි Driver එක මොකක්ද කියලා දන්නෙත් නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා.ඒකට සාර්ථකම විසඳුමක් තමයි 3DP Chip මෘදුකාංගය.මේක පොඩි මෘදුකාංගයක් උනාට හරිම වටිනවා.
                මෙතනින් 3DP Chip වෙබ් අඩවියට ගිහින් Latest 3DP Chip Download කියන Link එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපිත කරගන්න.ඉන්පසු 3DP Chip Software එක විවෘත කලාම මේ වගේ දකින්න පුලුවන් වෙයි.




           මෙතන VGA,Sound ආදී Drivers ටික වෙන වෙනම දක්වා තිබෙනවා.ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඒ එකින් එකට Click කලාම අදාල Driver එක නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.මෙමගින් ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාල(windows XP හෝ Windows 7/8) Driver එක තෝරා ගෙන ලබාගන්න පුලුවන්.ඒ වෙබ් අඩවියේම තිබෙන Latest 3DP Net Download මඟින් Network Card (Ethernet Card) වලට අදාල Drivers විශාල ප්‍රමාණයක් ස්ථාපිත කරගන්න පුලුවන්.මේ විස්තරය ප්‍රමාණවත් කියලා හිතනවා.අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.ස්තූතියි!

සැ.‍යු :- ඇතැම් අවස්ථාවලදී මෙමඟින් හඳුනාගන්නා Drivers නිවැරදි නොවේ.එවන් විටකදී වැරදි Driver එකක් ලබා දීම හේතුවෙන් ඇතැම් විට ඔබගේ මෙහෙයුම් පද්ධතියට හානි වීමට ඉඩ ඇත.ඒ සම්බන්ධයෙන් ඇති අවදානම ඔබ විසින් දැරිය යුතුයි.

1 comment:

මෙය කියවන ඔබගේ අවංක අදහස මට තවත් දේවල් ලියන්න කරන දිරිගැන්වීමක්!