VT

VT
www.vistatech.vistapanel.net

Friday, August 3, 2012

Microsoft OS වෙනුවට වෙන OS එකක් දාලා බලමුද?

අපි හැමෝම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Microsoft Windows මෙහෙයුම් පද්ධතියක්.ඒක බොහෝ විට Crack කරපු මෙහෙයුම් පද්ධතියක්.නොමිලේ දෙන උබුන්‍ටු වගේ පද්ධතියක් පාවිච්චි කරන්න තියෙන ගැටළුව තමයි ඒවා තේරුම් ගැනීමට ඇති අපහසුව.ඒ වගේම වීඩියෝ ඕඩියෝ ප්ලේ කිරීමටත් Codecs ඩවුන්ලෝඩ් කරන්න සිදුවීම.මෙයට යම් තාක් දුරකට විසදුමක් දෙන මෙහෙයුම් පද්ධතියක් තමයි Zorin OS Core 6.

මේකෙ විශේෂතා ගොඩක් තියෙනවා.

*Drivers අවශ්‍ය නොවීම.(Sound,VGA ආදී Drivers නවතම පරිගණකවල පවා ගැනීම.With dongle software & More.....)
*බොහෝ Software වෙනම ස්ථාපිත කිරීම අවශ්‍ය නොවීම (Libre ඔෆීස් නමින් පද්ධතියක් (MS Word,Excel....මගින් කරන වැඩ කරගැනීමට),CD Write කිරීමට, Multimedia කටයුතු සඳහා VLC player.... ආදී ලෙස බොහෝ Software මෙයත් සමගම ස්ථාපිත වේ.
*මේ සඳහා වෙනම Software ස්ථාපිත කළ හැකි වීම
*වින්ඩෝස් වල ස්ථාපිත කරන සමහර ස්ථාපිත කිරීමට හැකි වීම.( Madhura Dictionary..... ආදිය)

ඒ හැර,

*වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමගම ස්ථාපිත කළ හැකි වීම (උබුන්‍ටු පද්ධති ලෙසම.උදා :- වින්ඩෝස් XP සහ වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කර ඇති විට තුන්වන පද්ධතිය ලෙස මෙය ස්ථාපිත කල හැකිය.)
*මෙයද ඉන්ස්ටෝල් නොකර Run කිරීමට හැකිය.(as a Live CD)

මේ ගැන තවත් විස්තර ඉදිරියේදි දන්වන්නම්.
මේකත් බලන්න


මේකෙ නොමිලේ දෙන පද්ධතිය මෙතනින් ගන්න පුලුවන්.





මෙය දැනටම පාවිච්චි කරන කට්ටිය ඉන්නවා නම් මේ ගැන comment කරන්න.ඒක මට ගොඩක් වැදගත්.ස්තූතියි!


ප.ලි. - Zorin OS ISO එක ඩවුන්ලෝඩ් කරලා දුන්න  තීක්ෂණ මල්ලිට විශේෂ ස්තූතිය.

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. http://atampahura.blogspot.com/2012/04/blog-post_15.html

    බලන්න මේ ලිපිය

    මම හිතන්නේ අපිට ගැලපෙන හොදම එක තමයි හන්තාන ලිනක්ස්, මම පාවිච්චි කරන්නේ ඒක තමයි.

    ReplyDelete
  3. මම ඔය ලිපිය බැලුවට පස්සෙ තමයි ඒ වගේ Open Source OS එකක් දාලා බලන්න ගොඩක්ම අවශ්‍ය වුනෙ.හන්තාන ලිනක්ස් ඩී.වී.ඩී. එකත් මට ලැබුනා.තාම දාලා බලන්න බැරි වුනා.ස්තූතියි අයියෙ මේ පැත්තෙ ආවට.(ඒ ලින්ක් එකේ Sanjeewa Kanchana කියලා Comment කරලා තියෙන්නෙ මම)

    ReplyDelete
  4. mn wage wadakarayek innakan ... me wage supiri os athhada balanna puluwan... theekshana malli..!!

    ReplyDelete

මෙය කියවන ඔබගේ අවංක අදහස මට තවත් දේවල් ලියන්න කරන දිරිගැන්වීමක්!