VT

VT
www.vistatech.vistapanel.net

Friday, August 10, 2012

Zorin OS ස්ථාපනය කරමු.


මම මුලින් දාපු පෝස්ට් එකේ කියපු විදිහට ඩවුන්ලෝඩ් කරපු ISO එක ඩී.වීඩී. එකකට රයිට් කරගන්න.
මුලින් පෝස්ට් එකට මෙතනින් යන්න.
ඩවුන්ලෝඩ් ලින්ක් එකට මෙතනින් යන්න.
ඉන්පසු පහත විදිහට  කරගෙන යන්න.


1.


Boot The Live System දුන්නොත් Zorin OS install නොකර භාවිත කරන්න පුලුවන්.අපි කරන්න යන්නෙ Start the installer directly මගින් install කිරීමට.


2.

3.


මෙතන කොලපාට් හරි ලකුණින් පෙන්නන්න අවශ්‍යම දේ තමයි Hard driveඑකේ Free Space එක. 


4.

මෙතන තමයි ගොඩක් වැදගත්ම තැන.මම මෙතෙන්දි කියන්නෙ Windows XP/7 එක්ක install කරන්න ඕන කොහොමද කියලා.මේ කියන විදිහට කරන්න ඔයාගෙ අන්තිම Partition එකේ 8-10GBවගේ Free Space එකක් හරි Unpartition Space 8-10GB වගේ හරි තියෙන්න ඕන.එතකොට මේ Window එකේ පළවෙනියට Select කරන්න Install Zorin OS alongside windows Xp වගේ එකක් පෙන්නයි.ඒකෙ දෙවෙනියට Select කරන එකට එන්නෙ Windows නැතිව Install කරන්න කියලා.ඉතින් දෙවෙනි එක තේරුවොත් Windows Deleteවෙනවා.


5.


6.

7.

8.

මේ ගැන තවත් විස්තර ටිකක් ඉදිරි පෝස්ට් එකකින් දාන්න බලාපොරොත්තු වෙනවා.මේ ගැන තවත් විස්තර දන්න අය ඉන්නවා නම් කියන්න.ඒක ගොඩක් වටිනවා.ස්තූතියි!

පින්තූර ගත්තෙ  මෙතනින් 

4 comments:

  1. මේකත් උභන්ටු වගේ එකක් නේද?
    මොකද්ද උබන්ටු එකයි මේකයි අතර තියෙන වෙනස....
    අපිට මේක නිසා කමෙන්ට කරන්න අමාරුයි වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරලා දාන්න....

    ReplyDelete
    Replies
    1. දැන් වර්ඩ් වේරිෆිකේෂන් අයින් කරා.ඔව් මේකත් උබුන්ටුම වගේ එකක්.ඒ වුනාට වින්ඩෝස් පාවිච්චි කරපු අයට ලේසි විදිහට ඩෙස්ක්ටොප් ඉන්ටෆේස් එක XP/Win 7 විදිහට වෙනස් කරගන්න පුළුවන්.විශේෂම දේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන උබුන්ටු වලින් මල්ටිමීඩියා පාවිච්චි කරන්න Codecs ඕන වෙනවා.නමුත් මෙහිදී ඒ විදියට වෙනම Codecs ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය නෑ.පී.සී. එකෙන් සාමාන්‍ය වැඩක් ගන්න අයට වෙනත් අමතර ඉන්ස්ටෝල් කිරීම් වලින් තොරව මේක පාවිච්චි කරන්න පුලුවන් කියන එක තමයි මේකෙන් මම කියන්න උත්සාහ කරන්නෙ.
      මේ පෝස්ට් එකෙත් විස්තර ටිකක් තියෙනවා.http://hardwaretest4u.blogspot.com/2012/08/microsoft-os.html
      ස්තූතියි මේ පැත්තෙ ආවට.

      Delete
  2. මචං ඔයා හන්තාන පාවිච්චිකරලා තියනවද, ඒක අපිට අවශ්‍ය සියලුම දේ එක්කරලා හදලා තියනවා, සුපිරියි , පෙඩෝරා මත තමයි හන්තාන ගොඩ නැගිලා තියෙන්නේ,මම පාවිච්චි කරන්නේ හන්තාන, අනික අපි අපේ කොල්ලොන්ගේ වැඩ අගය කල යුතුයි,හන්තාන සමග තව ගොඩක් සමාජ සත්කාරයන්ද ක්‍රීයාත්මක වෙනවා, ඔබටත් හන්තාන සමග එකතූ වෙන්න පුළුවන්.

    බලන්න මම ලියපු මේ ලිපිය
    http://atampahura.blogspot.com/2012/04/blog-post_15.html

    ReplyDelete
  3. තාම හන්තාන දාලා බැලුවෙ නැහැ.බලන්න ඕන.ස්තූතියි.

    ReplyDelete

මෙය කියවන ඔබගේ අවංක අදහස මට තවත් දේවල් ලියන්න කරන දිරිගැන්වීමක්!