VT

VT
www.vistatech.vistapanel.net

Monday, August 20, 2012

Zorin OS Uninstall කරන්නේ කොහොමද?

මේ සඳහා මුලින්ම Zorin OS Live disc එකෙන් Boot කරන්න.(Boot the live system)ඉන්පසු 
Start>System Tools>Administration>GParted > delete  ext4 and linux-swap partitions(මේකෙදි මුලින්ම Delete කරන්න Option එක දෙන්නෙ නැත්නම් Partition එක Right Click කරලා Swapoff දෙන්න.ඊට පස්සෙ Delete කරන්න.)
ඊට පස්සෙ ඒ Window එකේ උඩින්ම තියෙන Apply all Oparations කියන option එක දෙන්න.ඊට පස්සෙ Close කරන්න.
දැන් Zorin OS එක අයින්වෙලා ඉවරයි.ඒ උනාට අපි Zorin OS එක Install කලේ Windows XP හරි Windows 7 හරි එක්ක නම් Zorin OS එක අයින්කරාම කලින් තිබුන විදිහට Boot වෙන්නෙ නෑ.ඒකට හේතුව Boot වීමට අවශ්‍ය Master boot record එක වෙනස් වී තිබීමයි.ඒ නිසා නැවත එම mbr එක සකස් කල යුතුයි.
Win XP වලට සහ Win 7 වලට
Master boot record එක හදන විදිහ වෙන වෙනම බලමු.



* Windows XP වල

 මුලින්ම XP CD එකෙන් Boot කරන්න.Boot වෙලා එන පළවෙනි Window එකේදි R key එක ඔබන්න.



ඊට පස්සෙ එන Screen එකේදි 1 Key එක ගහලා Enter කරලා Administrator Password එකක් දීලා තියෙනවා නම් Password එක ඇතුල් කරන්න.Password එකක් දීලා නැත්නම් Enter කරන්න.ඊට පස්සෙ fixmbr කියලා Type කරලා Enter කරන්න.




* Windows 7 වල

   මුලින්ම Windows 7 DVD එකෙන් Boot කරන්න.Boot වෙලා එන පළවෙනි Window එකේදි Repair Your computer  කියලා දෙන්න.

 ඊට පස්සෙ පහත Window එක Next  කරන්න.

ඊට පස්සෙ Window එකෙන් Commnand Promt එක ගන්න.
ඊට පස්සෙ Command Prompt එකේ fixmbr කියලා Type කරන්න.
මේ විදිහට කලින් තිබුන OS වලින් නැවත වැඩ කරන්න පුලුවන්.Windows XP සහ Windows 7 දෙකම install කරලා තියෙද්දි Zorin OS දාලා අයින් කරාම Windows XP වල විතරක් Master Boot Record එක හැදීම ප්‍රමාණවත්.මේ ගැන තවත් දන්න අය ඉන්නවා නම් ඒ විස්තර Comment කරන්න.ස්තූතියි!

පින්තූර සහ සමහර විස්තර ගත්තෙ මේ ලින්ක් වලින්.

http://zorin-os.com/uninstallguide.html 

http://www.howtogeek.com/howto/32523/how-to-manually-repair-windows-7-boot-loader-problems/

http://helpdeskgeek.com/how-to/fix-mbr-xp-vista/



3 comments:

  1. අපි හැමෝටම නිතර වෙන අකරතැබ්බ ගැනත් ලියන්න වෛරස් ගාඩ් ෆොමැටින් වගේ දේවල් වගේම තව ගොඩක් අපි නොදන්න දේවල් දිගටම කරගෙන යන්න මල්ලි සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉදිරියට බලමු.ගොඩක් ස්තූතියි අක්කෙ.

      Delete

මෙය කියවන ඔබගේ අවංක අදහස මට තවත් දේවල් ලියන්න කරන දිරිගැන්වීමක්!